Monday, August 10, 2015

පාර්ලිමේන්තුවේ ගුණාත්මකභාවය සඳහා වෘත්තිකයන් තෝරාපත් කර ගනිමු.


පාර්ලිමේන්තුවේ ගුණාත්මකභාවය සඳහා වෘත්තිකයන් තෝරාපත් කර ගනිමු.
පාර්ලිමේන්තුවේ ගුණාත්මකභාවය සඳහා වෘත්තිකයන් තෝරාපත් කර ගනිමු.

කලකසිට පාර්ලිමේන්තුවේ වෘත්තිකයන්ගේ නියෝජනය හීනවෙමින් පවතී.

ගීතාංජන ගුණවර්ධනයන් වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකි. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය ගෞරව සාමාජිකයෙකි. විදේශගතව සිටි ඔහු තම පර්යේෂණ සහ පශ්චාත් උපාධි කටයුතු කරමින් සිටි අවධියේදි පෙරලා නැවත ලංකාවට පැමිණියේ බෙදුම්වාදයත්, ත්‍රස්තවාදයත්හිස ඔසවමින් තිබුණු අවස්ථාවක එයට විරුද්ධව මහජන එක්සත් පෙරමුණ ඇතුළුමව්බිම සුරැකිමේ බලවේගය ක්‍රියාත්මක වූ 1987 දීය.ඔහුගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය සිදුවූයේ රාජ්‍ය ත්‍රස්තවාදය මධ්‍යයේ පැවති 1989 මහ මැතිවරණයේදිය. තුන්වරක්ම ජනතා නියෝජිතයෙකු වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් වසර 15 කට අධික කාලයක් මුළුල්ලේ ඔහු ජනතා සේවයටත්, මව්බිමේ සුරක්ෂිතභාවයටත්කැපවිය. මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කල කාලසීමාව තුල නියෝජ්‍ය කථානායක, කාරක සභා සභාපති, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, නිවාස නියෝජ්‍ය අමාත්‍ය, මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය වශයෙන් ඔහු සේවය කල අතර ප්‍රවාහන, වැවිලි කර්මාන්ත, පර්යේෂණ හා මුදල් යනාදී උපදේශක කාරක සභා හා තේරීම් කාරක සභා ගණනාවක සාමාජිකයකු වශයෙන් කටයුතු කලේ මෙරටේ වෘත්තිකයන්ගේ, අධ්‍යාපනඥයන්ගේ හා විද්‍යාඥයන්ගේ දායකත්වය මව්බිමේ නිදහසත් සංවර්ධනයත් වෙනුවෙන් යොමුකර ගැනීමේ අරමුණ පෙරදැරිකොට ගෙනය.

ඔහු සැම විටම තම උපරිම හැකියාවෙන් ඔහුගේ රාජකාරිය රට වෙනුවෙන් දැඩි ලැදියාවකින් යුතුව ඉටුකල මන්ත්‍රීවරයෙකි. ඔහු තම ඉංජිනේරු විද්‍යා දැනුම උපයෝගී කර ගනිමින් සහෝදර වෘත්තිකයන්ද හවුල් කර ගනිමින් රජයේ සංවර්ධන කටයුතු වල සාර්ථකත්වයට මෙන්ම විපක්ෂයේ සිටියදී ඵලදායී විවේචනයන්ටද දායකවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් රටේ සංවර්ධනයට හා ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට ඔහු තම සේවය ලබා දුන්නේය. කොළඹ නගරයේ දිගු කාලින ගැටළුවක්ව පැවති ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳ ප්‍රශ්ණය විසඳීමට ඵලදායී යෝජනා ගණනාවක් ඔහුගේ සේවා කාලය තුල ඔහු ඉදිරිපත් කර ඇත.

දුම්රිය විදුලිකරණය කිරිමට යෝජනා කිරීම, කැළණිවැලි දුම්රිය මාර්ගය ප්‍රවර්ධනය කිරිම සඳහා යෝජනා සහ සැලසුම් ඉදිරිපත් කිරිම, රෝහල් තුල මූලික ප්‍රතිකාර ඒකක ඉදිකිරීමසඳහා මූලිකව කටයුතු කිරීම යනාදිය ඔහුගෙන් සිදුවූ සමාජ මෙහෙවර වල නිදසුන් කිහිපයකි. ශ්‍රී ලංකා ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමය පිහිටවීම සඳහා ක්‍රියාකාරිව ඔහු දායක වූ අතර ඉදිකිරිම් කර්මාන්ත සංවර්ධන පණත සම්මත කිරීම සඳහා සියලු ඉංජිනේරු වෘත්තිකයන් සමඟ සහයෝගයෙන් ඔහු කටයුතු කලේය.

ඉංජිනේරුවරයෙකු වශයෙන් ඔහු අනෙක් වෘත්තිකයන්, රාජ්‍ය නිලධාරින් සහ පුද්ගලික අංශ නිලධාරින් සමඟ සුහදශිලිව කටයුතු කරමින් ඔවුන්ගේ සංවිධාන වල පැවති ගැටළු මෙන්ම පුද්ගලික ගැටළු වලදී පවා එම ප්‍රශ්ණ විසඳිමට සක්‍රීයව කටයුතු කර ඇත. එසේම ගැටළු සාකච්ඡා කරන විට එම ගැටළු නිවැරදිව සහ පැහැදිලිව හඳුනා ගැනීමේ කුසලතාවය ඔහු ප්‍රදර්ශනය කලේය. ඔහුගේ වපසරිය තුල විසඳුම් දියහැකි සියලු ප්‍රශ්ණ වලට සාර්ථක විසඳුම් ලබාදීමට ඔහුට හැකිවූ අතර අනෙකුත් ගැටළුවලටද විසඳුම් ලබාදිමට අවශ්‍ය උපදෙස් සහ සහයෝගය ඔහු ලබා දුන්නේය. ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු ලෙස ඔහුගේ ඝෘජු වගකීමට නොවැටෙන විෂය පථයන්ට අදාල ගැටළු වලදී පවා අවශ්‍ය විසඳුම් ලබා ගැනීමට අදාල පාර්ශවයන් සමඟ සහයෝගයෙන් එක්ව කටයුතු කිරිමට ඉංජිනේරුවරයෙකු වශයෙන් ඔහු ලබා ඇති පුහුණුව ඉවල් වී ඇත.

දේශපාලන ජිවිතය තුල ඔහු පිරිසිදු දේශපාලන වාර්ථාවකට හිමිකම් කියන අතර ඔහු අවංක සහ පූර්ණ කැපවිමෙන් යුතුව කටයුතු කරන පුද්ලකයෙකි. ඔහුට දේශපාලන හා පෞද්ගලික වශයෙන් ජිවිත දෙකක් නොමැති ඔහු අනාගතයේදී ද රට සහ ජනතාව වෙනුවෙන් නොවෙනස්ව සිය යුතුකම සහ මෙහෙවර ඉටු කිරීමට කැපවිමෙන් ක්‍රියා කරනු ඇති බවට අපට සහතික වියහැක. ඔහුගේ කැපවිම හා හැකියාව රටේ වෘත්තීය ප්‍රජාවට ප්‍රතිලාභ ලබාදෙන්නා සේමපොදු මහජනතාවටද යහපතක්ම වනු ඇත.

එම නිසා අප ඔබෙන් මහත් ඕනෑකමින් හා වගකීමෙන් යුතුව ගෞරවණීය ඉල්ලීමක් කිරීමට කැමැත්තෙමු. එනම් රටට පණ දී මව්බිම රැකගනිමින් අලුතෙන් ගොඩනැඟීම සඳහා මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙවරත් නායකත්වය දෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළයට ඔබගේ වටිනා ඡන්දය ලබාදී ඔබගේ මනාපය ගිතාංජන ගුණවර්ධනයන් තරඟ කරන අංක 12 ට ලබා දෙන මෙන් අප ඉල්ලා සිටින්නෙමු.

මෙයට,
හිතවත්,

ටියුඩර් විජේනායක
වරලත් සිවිල් ඉංජිනේරු සහ ශ්‍රි ලංකා ඉංජිනේරු සංස්ථාවේ හිටපු සාමානයාධිකාරි

ආනන්ද නිහාල් සංගාරවේල්
ජ්‍යෙෂ්ඨ නීතිඥ

විනෝද් මුණසිංහ
හිටපු ගරු ලේකම් රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය (Association of  Public Service Engineers)

වෛද්‍ය සුමේධ පනාගොඩ, එම්.බී.බී.එස්. (කොළඹ) එම්.ඩි.
හිටපු වෛද්‍ය අධ්‍යක්ෂක, අවිස්සාවේල්ල මූලික රෝහල
හිටපු නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, කොළඹ දිස්ත්‍රික්කය, බස්නාහිර පළාත

No comments:

Post a Comment